News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
20

මුහුද රළුවීම නිසා හලාවත වෙරළට ආසන්න පවුල් 52 ක් ඉවතට

1006 Views


මුහුද රළුවීම නිසා  හලාවත වෙරළට ආසන්න පවුල් 52 ක් ඉවතට

පවතින වැසි සහ තද සුළං හේතුවෙන් ප‍්‍රදේශ රැසකින් ආපදා තත්ත්වයන් වාර්තා වන අතර මුහුද රළුවීම නිසා හලාවත, කුරුසපාඩුව ප‍්‍රදේශයේ පවුල් 52 ක් තාවකාලිකව ඉවත් කිරීමට කටයුතු කළ බවයි පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පැවසුවා. එම පවුල් හලාවත, වැල්ල රෝමානු කතෝලික දේවස්ථානයේ තාවකාලිකව රැදවීමටද කටයුතු කර තිබෙනවා.

පසුගිය දින කිහිපයේදී මුහුද රළුවීම හේතුවෙන් හලාවත, කුරුසපාඩුව වෙරළ තීරය දැඩි ලෙස ඛාදනයට ලක් වුණ අතර මේ හේතුවෙන් වෙරළට ආසන්නව ඉදිකර ඇති නිවාස රැසකට හානි සිදුවූ බවයි පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසන්නේ. ප‍්‍රදේශයේ ජනතාව වැලි කොට්ට යොදා ගනිමින් මුහුදු ඛාදනයෙන් සිය නිවාස බේරා ගැනීමට උත්සාහ කළද එයද අසාර්ථක වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post