News Line| Off Air
Generic placeholder image

Jul
20

ෆේස්බුක් හරහා සිදුකළ තවත් මුදල් වංචාවක්

666 Views


ෆේස්බුක් හරහා සිදුකළ තවත් මුදල් වංචාවක්

ෆේස්බුක් හරහා අඩු පොලියට ණය ලබාදෙන ආයතන සම්බන්ධයෙන් වැඩි අවධානයකින් පසුවන්නැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවට දැනුම් දුන්නා.

මේ දිනවල ක්‍රියාත්මක flashcashloan.lk නැමති ෆේස්බුක් පිටුව සම්බන්ධයෙන් පැමිණිලි රැසක් වාර්තාවී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය කියා සිටියා.

අඩු පොලියට ණය ලබාදෙන බව පවසා මහජනතාවගේ මුදල් වංචා කරන මෙවැනි සිදුවීම් රැසක් මීට පෙරද වාර්තා වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකරගෙන් කල විමසීමකදී ඔහු කියා සිටියේ මෙවැනි වංචාවකට හසුවූ පුද්ගලයින් පිලිබද ළඟම පිහිටි පොලිස් ස්ථානයට පැමිණිලි කළහැකි බවයි.

එමෙන්ම මෙවැනි වංචාවකට හසුවීමෙන් පසු පැමිණිලි කරනවාට වඩා ඒවා වළක්වා ගැනීම ඉතා වැදගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post