News Line| Off Air
Generic placeholder image

Jul
21

කුවේටයේදී හිරිහැරයන්ට ලක්වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 30 දෙනෙකු අද යළි දිවයිනට

552 Views


කුවේටයේදී හිරිහැරයන්ට ලක්වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 30 දෙනෙකු අද යළි දිවයිනට

කුවේටයේදී විවිධ හිරිහැරයන්ට ලක්වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 30 දෙනෙකු අද අලූයම යළි දිවයිනට පැමිණ තිබෙනවා.

ඉන් වැඩි පිරිසක් කුවේට් රාජ්‍යයේ නේවාසිකාගාරවල රැඳී සිටිමින් විවිධ ආයතනවල රැකියා කරමින් සිටි අය බව සඳහන්. එහෙත් සංවිධානාත්මක පිරිසක් පැමිණ ඔවුන්ගේ මිල මුදල්, භාණ්ඩ සහ ඔවුන්ව රැගෙන ගොස් තිබෙනවා.

ඉන් අනතුරුව පහරදෙමින් වෙනත් ස්ථානයක දින ගණනාවක් රඳවා සිටි ඔවුන් මහමග දමා ගොස් සිටියදි එරට පොලීසිය භාරයට පත්ව ඇති අතර පසුව රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටි ඔවුන් ශ්‍රී ලංකාවට එවා ඇත්තේ කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත්වීමෙන් යුතුවයි.


News Articles
Latest Videos
Most Popular Post