News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
21

පාස්කු ප්‍රහාරයෙන් තෙමසකට පසු අද කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව් මැඳුර විවෘත වෙයි

602 Views


පාස්කු ප්‍රහාරයෙන් තෙමසකට පසු අද  කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව් මැඳුර  විවෘත වෙයි

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් විනාශයට පත් වු මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය තෙමසකට පසු අද (21) යළි විවෘත කෙරෙන බව වාර්තා වෙනවා.කටුවාපිටිය මීසම් පාලක මංජුල නිරෝෂන් පියතුමන් ප්‍රකාශ කළේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදුකෙරෙන බවයි.

දිව්‍ය පූජාව අද දින උදෑසන 8ට ආරම්භ කිරීමට නියමිතව තිබු අතර සංකේතාත්මකව මිය ගිය පිරිස වෙනුවෙන් දේව දූතයන් 114ක් පිරිවරාගෙන කාදිනල් තුමන් ප්‍රමුඛ කොටගෙන දේවස්ථානයට ඇතුළු වන බවත් පසුව නැවත දේවස්ථානය දෙවියන් වෙනුවෙන් කැප කිරීමක් සිදු කරන බව කටුවාපිටිය මීසම් පාලක මංජුල නිරෝෂන් පියතුමා සඳහන් කළා.

 


News Articles
Latest Videos
Most Popular Post