News Line| Off Air
Generic placeholder image

Jul
21

සයිටම් සිසුන්ට වෛද්‍ය පත්වීම් ලබා දෙන බවට සැකයක්

583 Views


සයිටම් සිසුන්ට වෛද්‍ය පත්වීම් ලබා දෙන බවට සැකයක්

සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛය තුළින් සයිටම් සිසුන්ට වෛද්‍ය පත්වීම් ලබාදීමට කටයුතු කරන්නේ ද යන්න සම්බන්ධයෙන් සැකයක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

එම චක්‍රලේඛය තුළ රාජ්‍ය වෛද්‍ය විද්‍යාල යන නාමය වෙනුවට දේශීය වෛද්‍ය විද්‍යාල යන නාමය ඇතුළත් කර ඇති බව එහි සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සදහන් කළා.

අදාළ චක්‍රලේඛය කඩිනමින් වෙනස් කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බවද වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post