News Line| Off Air
Generic placeholder image

Jul
22

අයහපත් කාළගුණය හේතුවෙන් ධීවරයින්ට උපදෙස් මාලාවක්

736 Views


අයහපත් කාළගුණය හේතුවෙන් ධීවරයින්ට උපදෙස් මාලාවක්

අයහපත් කාලගුණ තත්ත්වය ලබන 24 දින තෙක් පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවා ඇති බැවින් ධීවර රැකියාව සදහා යන සියළු ධිවරයින් වෙනුවෙන් හදිසි ආරක්‍ෂක උපදෙස් මාලාවක් අද (22) සිට ලබාදීමට කටයුතු කල බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසනවා.

මෙම උපදෙස් මාලාව පිළිපැදීම අනිවාර්ය බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

අයපත් කාලගුණ තත්ත්වය හමුවේ මුහුදු යන ධිවරයින්ගේ ජිවිත ආරක්‍ෂාව වෙනුවෙන් මෙම ආරක්‍ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට කටයුතු කල බවද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

එම උපදෙස් .

01 ධිවර රැකියාව සදහා යන සියළු ධිවරයින් ජිවිත ආරක්‍ෂක කබා පැළද සිටීම අනිවාර්ය වේ.

02 ගුවන් විදුලි පණිවිඩ යන්ත්‍ර ක්‍රියාත්මක කර තිබීම අනිවාර්යයි.

03 වෙනත් රටවල මුහුදු ප්‍රදේශවලට ඇතුළු වීමෙන් වැලකි සිටිය යුතුය.

04 නොදැනුවත්ව හෝ වෙනත් රටක මුහුදු ප්‍රදේශයකට ඇතුළු වුයේ නම් එය දැනගත් වහාම ආසන්නම සෝදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය වෙත කඩිනමින් දැනුම් දීම.

05 අත්‍යවශ්‍ය බෙහෙත් ළග තබා ගැනීම අනිවාර්යයි.

06 සෑම පැය දෙකකට වරක් ගොඩබිම සමග සබදතා පවත්වා ගැනීම අනිවාර්යයි.

මෙම උපදෙස් නිසි ලෙස පිළිපදින ලෙස සියළු ධිවර ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එය ධිවර ජනතාවගේ ආරක්‍ෂාව සදහා ඉතාම වැදගත් බවත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා වැඩිදුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post