News Line| Off Air
Generic placeholder image

Jul
22

කළගෙඩිහේනේ වෑන් රථයකට පහරදීමේ සිද්ධියට සම්බන්ධ ගණිත ගුරුවරයාත් භාර වෙයි

467 Views


කළගෙඩිහේනේ වෑන් රථයකට පහරදීමේ සිද්ධියට සම්බන්ධ ගණිත ගුරුවරයාත් භාර වෙයි

කොළඹ – නුවර මාර්ගයේ කලගෙඩිහේන ප්‍රදේශයේදී පසුගියදා වෑන් රථයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධ ගණිත දේශක දිනේෂ් නුවන් අමරතුංග නැමැත්තා අද (22) අධිකරණයට භාර වී තිබෙනවා.

අනතුරුව ඔහු ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු මෙම මස 29 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

ඉකුත්දා සිදුවූ මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට දැනුම් දෙනු ලැබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 04 දෙනෙකු සහ ඔවුන් පැමිණි බව කියන ඩිෆෙන්ඩර් රථය අත්අඩංගුවට ගනු ලැබුවා.

ගණිත දේශක දිනේෂ් නුවන් අමරතුංග සමග තවත් තිදෙනෙකු අද දිනයේදී අත්තනගල්ල අධිකරණයට භාරවී ඇති අතර මෙම පිරිස ගමන් ගත් වෑන් රථයේ සහ ඩිෆෙන්ඩර් රථයේ හිමිකරුවන් දෙදෙනාද එම පිරිසට ඇතුලත්.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊට පෙර අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සිව්දෙනා ඇතුළුව සැකකරුවන් 08 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post