එළඹෙන නොවැම්බර් 15 වනදා සිට දෙසැම්බර් 07 දක්වා කාලය තුළදී ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්වෙනු ඇති බව මැතිවරණ කොමිෂන් සභා ප්‍රධාන ශ්‍රවණාගාරයේ අද (22) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා.
“ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව ජනාධිපතිවරයා, අගමැතිවරයා, කතානායකවරයා ඇතුළු වගකිව යුතු සියලුම පාර්ශව දැනුවත් කර ඇති බවත් එම කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමට කිසිවෙකුට නොහැකි බවත් එසේ සිදු කළ හැකි බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බවත් ඒ නියමිත දිනට පෙර ජනාධිපතිවරණය ඉදිරියට ගැනීමෙන් පමණක් බවත් කල් දැමීමට කිසිවෙකුට නොහැකි බවත් මෙහිදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.