News Line| Off Air
Generic placeholder image

Jul
22

නවසීලන්තයට ලෝක කුසලාන ජයක්

430 Views


නවසීලන්තයට ලෝක කුසලාන ජයක්

දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී ලෝක ශූර ඕස්ට්‍රේලියා කණ්ඩායම පරාජයට පත්කරමින්ව සර 16කට පසු දැල්පන්දු ලෝක කුසලානය හිමිකර ගැනීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා. එංගලන්තයේ ලිවර්පූල් හි පැවති අවසන් මහා තරගයේ පළමු කාර්තුව නිමා වනවිට කණ්ඩායම් දෙකම ලකුණු 10 බැගින් රැස් කරගෙන සිටි අතර නමුත් දෙවන කාර්තුව නිමා වනවිට නවසීලන්තය ලකුණු 28ට 25ක් ලෙස තරගයේ පෙරමුණ ගත්තා.
තරගයේ තුන්වන කාරතුවේදීත් ඉතා හොඳින් තරග වැදුනු නවසීලන්ත ක්‍රීඩිකාවන් ප්‍රබල ඕස්ට්‍රේලියා ක්‍රීඩිකාවන්ට දැඩි අභියෝගයක් එල්ල කල අතර එම කාර්තුව නිමවන විට නවසීලන්තය පෙරමුණ ගත්තේ ලකුණු 41ට 37ක් ලෙසයි. තීරණාත්මක් සිව්වන සහ අවසන් කාර්තුව ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර එම කාර්තුවේදී කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරත වූ අතර කෙසේ හෝ අවසානයේ ලකුණු 52ට 51ක් ලෙස අවසන් මහා තරගය ජයගනිමින් මෙවර දැල්පන්දු ලෝක කුසලානය හිමිකර ගැනීමට නවසීලන්තය සමත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post