News Line| Off Air
Generic placeholder image

Jul
22

ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවකා කුසුම් පීරිස් මහත්මිය අභාවප‍්‍රාප්ත වෙයි

872 Views


ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවකා  කුසුම් පීරිස් මහත්මිය අභාවප‍්‍රාප්ත වෙයි

ප‍්‍රවීණ ගේය පද රචිකාවක් මෙන්ම ප‍්‍රසිද්ධ ගුවන් විදුලි නිවේදිකාවක් වන කුසුම් පීරිස් මහත්මිය අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. කලක් රෝගාතුරව පසුවූ ඇය,ඊයේ (21) රාති‍්‍රයේ අභාවප‍්‍රාප්ත වූ බවයි පවුලේ ඥාතීන් ප‍්‍රකාශ කළේ.

ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක් ලෙස ද ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හරහා ඇය ජනතාව අතර ප‍්‍රසාදයට පත්වු අතර අසුරු සැනින් එක මොහොතකදී, සිහිනයකි ඔබ නිහඬ මැදියම් , සිතුවිලි සිරවී හදවත පතුලේ මෙන්ම ගං ඉවුරේ තුරු ලතා මඩුල්ලේ ඇතුළු ජනපි‍්‍රය ගීත රැසක් කුසුම් පීරිස් මහත්මිය විසින් මෙරට කලා ක්ෂේත‍්‍රයට දායාද කර තිබෙනවා.

ඒ අනුව අභාවප‍්‍රාප්ත කුසුම් පීරිස් මහත්මිගේ දේහය පිළිබද අවසන් කටයුතු ලබන බදාදා (24) සිදු කරන බවයි පවුලේ ඥාතීන් ප‍්‍රකාශ කළේ.


News Articles
Latest Videos
Most Popular Post