News Line| Off Air
Generic placeholder image

Jul
22

පාන් පිටි කිරි පිටිවලටත් මිල සුත්‍රයක් ළගදීම හදුන්වා දෙයි

842 Views


පාන් පිටි  කිරි පිටිවලටත් මිල සුත්‍රයක් ළගදීම හදුන්වා දෙයි

පාන් පිටි සහ කිරි පිටි සඳහා මිළ සුත්‍රයක් හඳුන්වාදීමට ඉදිරියේදී පියවර ගන්නා බව වැඩබලන කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසනවා. ඒ අනුව අමාත්‍යවරයා පවසන්නේ ඒ අනුව ඉදිරියේදී කිරි පිටි සහ පාන් පිටි සමාගම් වලට තම අභිමතය පරිදි මිල සංශෝධනයන් කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවයි. කැබිනට් මණ්ඩලය හා ජීවන වියදම් කමිටුවත් ඊට අදාළ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බවද වැඩබලන අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළා.
මේ වන විටත් පාරිභෝගික අධිකාරියේ නිළධාරින් විසින් වැටලිම් කරන අතර මිල ගණන් වෙනස් කරමින් වෙළඳ කටයුතු සිදු කරන වෙළඳදුන්ට දැඩිව නීතිය ක්‍රියාත්ම කරන බවද අමාත්‍යරයා පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post