News Line| Off Air
Generic placeholder image

Jul
22

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධව ආණ්ඩුවට එල්ල කරන සියලු චෝදනා ජනපති ප‍්‍රතික්‍ෂේප කරයි

570 Views


පාස්කු ප‍්‍රහාරය සම්බන්ධව ආණ්ඩුවට එල්ල කරන සියලු චෝදනා ජනපති ප‍්‍රතික්‍ෂේප කරයි

පාස්කු ඉරු දින ප්‍රහාරයට තෙමසක් පිරෙන අවස්ථාවේ ආණ්ඩුවට එල්ල කරන සියළු චෝදනා ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ අද පැවති සත් විරු අභිමන් 2019 රණවිරු සුබසාධන ප්‍රතිලාභ ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් එතුමා මෙම අදහස් ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ පිටකොන්දක් නොමැති නායකයෙකු ලෙස පෙන්වීමට ඇතැම් අය උත්සාහ කළද තමා පිටකොන්දක් ඇති ඍජු නායකයෙකු බව 2015 ජනාධිපතිවරණයේදී මෙන්ම තවත් අවස්ථා ගණනාවකදී රටට පෙන්වා දී ඇති බවයි.

පිට කොන්දක් ඇති අය සිදුකළ යුත්තේ විවේචන සිදුකිරීම නොව ජාවාරම්කරුවන්ගෙන්, අපරාධකරුවන්ගෙන් සහ දූෂිතයන්ගෙන් රට ගලවා ගැනීමට ගෙන යන සටනට සහය ලබාදීම බවද එතුමා සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post