News Line| Off Air
Generic placeholder image

Jul
22

පාස්කු බෝමබ ප්‍රහාරයේ අත්අඩංගුවට ගත් පිරිස ගැන වාර්තාවක් නීතිපති ඉල්ලයි

513 Views


පාස්කු බෝමබ ප්‍රහාරයේ අත්අඩංගුවට ගත් පිරිස ගැන වාර්තාවක් නීතිපති ඉල්ලයි

පසුගිය අප්‍රේල් මස 21 දා සිදු කළ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සම්බන්ධයෙන් විස්තරාත්මක වාර්තාවක් තමා වෙත සපයන ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද (22) වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව කොපමණද, සැකකරුවන් සම්බන්ධයෙන් සිදු කර ඇති පරීක්ෂණ වල වත්මන් තත්ත්වය යන කරුණු ඇතුලත් සවිස්තරාත්මක විස්තරයක් තමා වෙත එවන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පති සි.ඩි.වික්‍රමරත්න වෙත උපදෙස් ලබා දී ඇති බව සදහන්.

මෙම වාර්තාව ජූලි මස 24 දා ට පෙර ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරිනි රජයේ අධිනීතිඥ නිරාශා ජයරත්න මෙනවිය සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post