News Line| Off Air
Generic placeholder image

Jul
22

යහපත් සමාජයක් ගොඩනැගීමට වැලිකඩ හිරගෙදර ප‍්‍රබල අභියෝගයක් – ජනපති කියයි

516 Views


යහපත් සමාජයක් ගොඩනැගීමට වැලිකඩ හිරගෙදර ප‍්‍රබල අභියෝගයක් – ජනපති කියයි

රටේ යහපත් සමාජයක් ගොඩනැගිමේ දී ප්‍රබලම අභියෝගාත්මක මධ්‍යස්ථානය බවට අද වැලිකඩ හිරගෙදර පත්ව ඇති බව අද (22) පෙරවරුවේ මිනුවන්ගොඩ රෙජී රණතුංග විද්‍යා පාසලේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා.

පසුගියදා නාවික හමුදාව මගින් මුහුදේ දී හෙරෝයින් කිලෝග්‍රෑම් 270ක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ ජංගම දුරකථන පරික්ෂා කිරීමේ දී එම කටයුතු මෙහෙයවා ඇත්තේ ද වැලිකඩ බන්ධනාගාරයේ සිට බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි මෙහිදී ජනාධිපතිතුමා කියා සිටියේ.

එම සිද්ධිය සම්බන්ධව විශේෂ පරික්ෂණයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සිදුකරන බව එතුමා පැවසුවා.

යහපත් සමාජයක් ගොඩනැගීමේ දී ප්‍රමුඛ ඉලක්කය වන්නේ අධ්‍යාපනය බවත් නිදහස් අධ්‍යාපනය හේතුවෙන් අද රටේ සමස්ත දරුවන්ගේ අධ්‍යාපන අයිතින් සුරක්ෂිත වී ඇති බවත් පසුගිය සිව් වසර තුළ විවිධ අභියෝග හමුවේ වුව ද නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරිමට විශේෂ වැඩකොටසක් ඉටුකළ බවත් සිසු දරුවන් අමතමින් ජනාධිපතිතුමා සඳහන් කළා.

තමාට කොයි තරම් නින්දා අපහාස සිදු කළ ද රටේ මතු පරපුර වෙනුවෙන් යහපත් සමාජයක් ගොඩනැගීමට තමා තුළ ඇති කැපවීම කිසිසේත් අත් නොහරින බව එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිතුමා කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post