News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
22

රජ කිරුළේ අනාගත උරුමකරු වන ජෝර්ජ් කුමරු හයවැනි උපන්දිනය සමරයි

633 Views


රජ කිරුළේ අනාගත උරුමකරු වන ජෝර්ජ් කුමරු හයවැනි උපන්දිනය සමරයි

විලියම් කුමරුගේ සහ කේට් මිඩ්ල්ටන් කුමරියගේ පුතු ජෝර්ජ් කුමරු අද සිය හයවැනි උපන්දිනය සමරන බව වාර්තා වෙනවා.කුමරුන්ගේ හයවැනි උපන්දිනය නිමිත්තෙන් කෙන්සින්ටන් මාළිගය නිල ඡායාරූප කිහිපයක්ද ප්‍රසිද්ධියට පත් කර තිබෙන අතර ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුයිස් කුමරු උපත ලැබුවේ 2013 වසරේ ජූලි 22වැනිදාය.
අනතුරුව කේට් කුමරිය තවත් දරුවන් දෙදෙනෙකු බිහිකළ අතර ඔවුන් සමඟ ජෝර්ජ් කුමරු සිය සොහොයුරිය ෂාලට් කුමරිය සහ සොහොයුරු ලුවිස් කුමරු සමඟ කෙළිදෙලෙන් කාලය ගතකරන අයුරු දැක්වෙන දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දසුන් මේ වන විට විදෙස් පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.
2016 වසරේ ජූනි 9 වැනිදා ජෝර්ජ් කුමරු සිය පෙර පාසල් ගමන ආරම්භ කළ අතර කුමරුන්ගේ පෙර පාසල වන්නේ නෝෆෝක්හි වෙස්ට්කෙයා මෙන්ටිසෝරියයි. අනාගතයේ බ්‍රිතාන්‍යය රජ කිරුළට හිමිකම් කියන ජෝර්ජ් කුමරු කුඩා කල සිටම එම පුහුණුව ලබන බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post