News Line| Off Air
Generic placeholder image

Jul
22

ලබන සතියේ සිට පාසල් ළමුන්ට කිරි පැකට්ටුවක්

590 Views


ලබන සතියේ සිට පාසල් ළමුන්ට කිරි පැකට්ටුවක්

පාසල් සිසුන් මන්දපෝෂණයෙන් ගලවා ගැනීම හා ගම්බද කිරි ගොවීන්ගේ ආදායම් වර්ධනය කිරීම අරමුණු කොටගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කර ඇති ග්‍රාම ශක්ති වැඩසටහන යටතේ දිවයිනේ පාසල් සිසුන්ට කිරි වේලක් ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරෙන අතර මෙහි පළමු අදියර යටතේ කනිෂ්ඨ පාසල් 950ක පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුසිසුවියන් ලක්ෂ 04කට මිලිලීටර 150ක කිරි පැකට්ටුවක් බැගින් ලබාදීමට නියමිතය.

ඒ අනුව පාසල් දරුවන්ට කිරි වේලක් ලබා දීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය ලබන ජූලි 25 වැනිදා කලවානේ කජුගහවත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලය පාසලේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මෙහිදී කලාවන ප්‍රදේශයේ පාසල් 13ක සිසුන් 1,500කට ජනාධිපතිවරයා අතින් කිරි බෙදාදීමට නියමිතය.


News Articles
Latest Videos
Most Popular Post