ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එළඹෙන ජූලි 26 දින බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගයෙන් පසු එක්දින ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.
බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 26 වනදා ආරම්භ වීමට නියමිත අතර තරග 3කින් යුත් සංචාරක බංගලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගාවලියේ පළමු තරගය සිය අවසන් එක් දින තරගය බවට පත්වනු ඇති බව ලසිත් මාලිංග පවසනවා.