News Line| Off Air
Generic placeholder image

Jul
22

සජිත්ටත් ගෝඨාභයටත් අරුම පුදුම දෙයක් නෑ – ටිල්වින් කියයි

444 Views


සජිත්ටත් ගෝඨාභයටත් අරුම පුදුම දෙයක් නෑ – ටිල්වින් කියයි

ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ කතාබහ කරන පාර්ශ්ව සිදු කරන්නේ රටේ පවතින ගැටලු වලට විසඳුම් ඉදිරිපත් කිරීම නොව අපේක්ෂකයින් තෝරාපත්කර ගැනීමට කටයුතු කිරීම පමණක් බව ගිරාඳුරුකෝට්ටේ අලුයටවෙල ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවක් අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

රටේ පවතින ගැටළු විසදීම සඳහා ඇති ඉදිරි ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා කිරීම වෙනුවට අපේක්ෂකයා ඉදිරිපත් කරන දිනය ප්‍රකාශ කිරීම පිළිබඳව තරගයක යෙදී සිටින බවට ඒ මහතා චෝදනා එල්ල කර සිටිනවා.

ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට නොහැකි බවටත් ඒ හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීම සුදුසු බවටත් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් අතර මතයක් පවතින් බවද ඒ මහතා කියා සිටි අතර එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් කරන බව පවසන සජිත් ප්‍රේමදාස මහතාට හෝ පොදුජන පෙරමුණ වෙනුවෙන් ඉදිරිපත් කරන බව කියන ගෝඨාභය රාජපක්ෂ මහතාටවත් අරුම පුදුම දෙයක් නොමැති බවත් ජනතාව රවටා මුහුණු මාරු කිරීම පමණක් සිදුවන බවත් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post