තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කල්දැමීමට සිදුවූ චන්ද්‍රයාන්-2 මෙහෙයුම අද යළි ආරම්භ කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා. ඉන්දියාවේ චන්ද්‍රයාන්-2 යානය රැගත් ජී එස් එල් වී මාර්ක් ත්‍රී නැමති රොකට්ටුව , අද පස්වරුවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ , ශ්‍රිහාරිකොත දූපතේ පිහිටි සතිශ් ධවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත්වීමට නියමිතයි.
ඒ අනුව ඉන්දියාව විසින් චන්ද්‍රයා පිළිබඳව සිදුකරන මෙහෙයුම් සඳහා මෙම චන්ද්‍රයාන්-2 යානය යොදාගැනීමට නියමිත අතර මිනිසුන්ගේ සහභාගීත්වයක් නොමැතිව ඉන්දියාව සිදුකරන දෙවන චන්ද්‍ර මෙහෙයුම මෙයයි. චන්ද්‍රයාන්-2 යානය සාර්ථකව චන්ද්‍රයා වෙත ළඟා වුවහොත් ඉන්දීය අභ්‍යවකාශ තාක්ෂණයේ නව පරිච්ඡේදයක් ආරම්භ වනු ඇති අතර මේ මඟින් සඳ මත භූ ලක්ෂණ සවිස්තරාත්මකව අධ්‍යයනය ඛනිජ විශ්ලේෂණය ඇතුළු පර්යේෂණ රැසක් ඒ මඟින් කිරීමට නියමිතයි. මෙම මෙහෙයුම සඳහා ඉන්දියාව වැය කර ඇති මුදල රුපියල් කෝටි 10ක්.
මෙම චන්ද්‍රයාන්-2 මෙහෙයුම සාර්ථක වුවහොත් චන්ද්‍රයා මත අභ්‍යවකාශ යානයක් සාර්ථකව පතිත කළ ලොව සිව්වන රට බවට ඉන්දියාව පත්වනු ඇති.