News Line| Off Air
Generic placeholder image

Jul
22

හිස්බුල්ලා අත්අඩංගුවට ගතයුතු බව රථන හිමි කියයි

578 Views


හිස්බුල්ලා අත්අඩංගුවට ගතයුතු බව රථන හිමි කියයි

බැටික්ලෝ කැම්පස් ආයතනයට සෞදි ආරබියේ තහනම් සංවිධානවලින් මුදල් ආධාර ලබාදී ඇතැයි තහවුරු වීම නිසා එහි නිර්මාතෘ,නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා අත්අඩංගුවට ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු අත්අඩංගුවට ගත යුතු බව උන්වහන්සේ අද (22) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළා.

කෝටි 1757 පිළිබඳව වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තා කළ බවද රතන හිමියන් පවසනවා.සෞදි ආරබියේ ආයතන ත්‍රස්තවාදී සංවිධාන වලට මුදල් ලබාදෙන බවත් අල්කයිඩා, තලෙයිබාන් ආයතනවලින් මෙවැනි විශ්ව විද්‍යාල නිර්මාණ්ය කරන බවත් රථන හිමයන් කියා සිටියා.

මෙවැනි කරුණු සඳහා සහරාන්ගේ සම්බන්ධය පිළිබඳව කරුණු විමසීම අදාල නොවන බවත් හිස්බුල්ලා වෙනුවෙන් මුස්ලිම් පක්ෂ එක්වූවා නම් අන්තවාදී ගොදුරෙන් රට ගලවා ගන්නට ජනතාවට එක්විය නොහැක්කේ කුමක් නිසාද යන්න බවත් රතන හිමයන් විමසුවා.

කොන්ද පණ නැති,ආත්ම ශක්තියක් නොමැති බල ලෝභී නිවට දේශපාලනඥයන්ට මීට එරෙහිව මුහුණ දෙන්නට නොහැකි බවත් කොටි ත්‍රස්තවාදයට වඩා දස ගුණයකින් භයානක ත්‍රස්තවාදයකට මුහුණ දීමට නම් අනාගත නායකයා කොන්ද පණ ඇති නොබියව මුහුණ දීමට හැකි නායකයෙක් විය යුතු බවත් රතන හිමයන් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post