රජයේ ලියාපදිංචි වී ඇති සියලුම ළමා නිවාසවල සිටින මව්පියන් අහිමි දරුවන්ට අදාළ ළමා නිවාසවලට ආසන්නයේම පිහිටා ඇති ජාතික පාසලට ඇතුළත් වීමට අවස්ථාව සලසා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
ජනප්‍රිය පාසලක විදුහල්පතිනියක් විසින් පසුගියදා ළමා නිවාසයක දරුවන් කිහිප දෙනෙකු එම ජාතික පාසලට ඇතුළත්වීමට අයදුම් කළ අවස්ථාවේ දී, පාසලටත් විදුහල්පතිනිය වශයෙන් තමාගේත් කීර්ති නාමයට හානි වන බව පවසමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව අමාත්‍යවරයා වෙත තොරතුරක් ලැබී තිබෙනවා.
මේ හේතුවෙන් අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇති අතර දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කිරීමට 2015 වසරේ සිට විවිධ ප්‍රගතිශීලී වැඩසටහන් ක්‍රියාත්මක කර තිබිය දීත් මව්පියන් අහිමි දරුවන්ට වෙනස් කොට සැලකීම දැඩි ලෙස හෙළා දකින බවයි එතුමා වැඩිදුරටත් පැවසුවේ.
අධ්‍යාපනයට හිතැති සියලු දෙනා කළ යුත්තේ දරුවන්ට අධ්‍යාපනයෙන් ජීවිතය ජය ගැනීමේ අවස්ථා විවර කරදීම බවත් මෙහි දී අමාත්‍යවරයා අවධාරණය කළා.