දිවයින හරහා වැසි තත්ත්වයේ අඩුවීමක් අද(23) දිනයේ බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම පවතින සුලං තත්වයේ අඩු වීමක් පවතින බව සදහන් වෙනවා.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමා එන අතර සුළඟේ වේගය පැයට කිලෝ මීටර 30-40 ත් අතර වන අතර පුත්තලම සිට කොළඹ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50-55 ත් අතර වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ නිසා ධීවර හා නාවික ප්‍රජාවට මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ද කාලගුණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.