News Line| Off Air
Generic placeholder image

Jul
23

අනතුරට ලක් වූ නෞකාවේ ඉන්ධන පිටතට ගැනීම අවසන් අදියරේ

446 Views


අනතුරට ලක් වූ නෞකාවේ ඉන්ධන පිටතට ගැනීම අවසන් අදියරේ

මුහුදු රළට හසුවී පසුගියදා රූමස්සල කඳු පාමුළට පාවී ආ ග්ලෝරි ටු ගෝ නෞකාවේ ඉන්ධන පිටතට ගැනීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බව වාර්තා වෙනවා. මේ හේතුවෙන් සමුද්‍රීය දූෂණය වැළැක්වීමේ පනත අනුව නෞකාව එම ස්ථානයෙන් ඉවත් කිරීමට අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග ගන්නා ලෙස නැව් ඒජන්තවරයා දැනුවත් කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වැඩි දුරටත් සදහන් කළා. මේ වන විට තෙල් මෙට්‍රික් ටොන් 12ක් වැනි ප්‍රමාණයක මේ වන විට නෞකාවෙන් ඉවතට ගෙන ඇති බවද ඒ මහතා පවසනවා.

එමෙන්ම මෙම නෞකාව අනතුරට පත් වී ඇති ස්ථානය අභය භූමි ප්‍රදේශයක් බවද විශේෂයෙන්ම බොනවිස්ටා නැමැති කොරල් පරයද එම ස්ථානයේ පවතින බැවින් කඩිනමින් මෙම නෞකාව සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බව ඒ මහතා සඳහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post