ඇල්පිටිය ප්‍රදේශයේ කෙටි කාලයක සිට ධාවනය වන ලියාපදිංචි නොකළ බස් රථ නිසා තමන්ට සිදුව ඇති පාඩුව හේතුවෙන් පෞද්ගලික බස් රථ රියදුරන්, හිමිකරුවන් හා කොන්දොස්තරවරු ඇල්පිටිය බස් නැවතුමෙන් ගමන් ගන්නා සියලූම පෞද්ගලික බස් රථ අද(23) උදෑසන සිට බස් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මේ හේතුවෙන් ඇල්පිටිය බස් නැවතුමෙන් ධාවනය වන පෞද්ගලික බස් රථ 60 ක් පමණ ධාවනයෙන් ඉවත්ව තිබෙන බව වාර්තා වෙනවා.
එමෙන්ම අද දහවල් වන විට ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ ද මෙම වර්ජනයට එක් වෙනු ඇතැයි පෞද්ගලික බස් රථ හිමියන් පවසන නමුත්, මේ වන විට ලංගම බස් රථ නොකඩවා ධාවනයේ යෙදෙන බව වාර්තා වෙනවා.