කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම රැස් වී ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම ඉතා කඩිනමින් සිදුකිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව කැබිනට් නොවන අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහතා පවසනවා. ඊයේ(22) පැවති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්විමේ දී ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වු බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර එහිදි ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් සාකච්ඡා වූ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ නම බොහෝ දෙනෙකු විසින් යෝජනා කළ බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පැවසුවා.