News Line| Off Air
Generic placeholder image

Jul
23

කුලසේකරගෙනුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉල්ලීමක්

2195 Views


කුලසේකරගෙනුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉල්ලීමක්

වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර ද තමන්ට නිල වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම සඳහා තරගයක් ලබාදෙන ලෙස ලිඛිතව ඉල්ලා ඇති බව ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් කොළඹදී අද (22) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසුවා.

එම ඉල්ලීම පිළිබඳවද සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටි අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ලෝක එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගත් එකම පන්දු යවන්නා වන දකුණතින් වේග පන්දු යවන කුලසේකර එක්දින තරග 184 කදී කඩුලු 199 ක් දවාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් කුලසේකරට 2017 වසරෙන් පසුව ශ්‍රී ලංකා එක්දින පිලේ ස්ථානයක් හිමි වුනේ නැහැ.


News Articles
Latest Videos
Most Popular Post