චීනයේ ” යී ” නම් සුළු ජාතිකයන්ගේ සාම්ප්‍රදායික වාලියන් සැණකෙළි සමය පසුගියදා ආරම්භ වුණු අතර ඒ අනුව ඔවුන් මුහුණුවල දූවිලි ආලේප කරගනිමින් මෙම උත්සවයක් සමරන බව වාර්තා වෙනවා.මෙම උත්සවය අවුරුදු දහසකට වඩා පැරණි එකක් බව එරට වාර්තා සඳහන් කළා.
මෙහිදී යහපත ප්‍රාර්ථනා කර ගනිමින් එකිනෙකාගේ මුහුණුවල දූවිලි ආලේප කර ගැනීම මෙහිදී සිදුකෙරෙන ප්‍රධානතම මෙන්ම සුවිශේෂ කර්තව්‍යයයි.ඒ සඳහා” යී ” වැසියන් මෙන්ම විදේශිකයන්ද උද්යෝගයෙන් යුතුව සහභාගි වන ආකාරයක් දක්නට ලැබෙනවා. එමෙන්ම මෙහිදී ලොකු කුඩා හිතවත් අහිතවත් කිසිදු බේදයකින් තොරව එකිනෙකාගේ මුහුණුවල දූවිලි ආලේප කර ගැනීම විශේෂත්වයක්.වාලියන් උත්සවය විනෝදජනක මෙන්ම ඉතා අලංකාර එකක් බව එය නැරඹීමට පැමිණි විදේශිකයන් පවසන්නේ.