සිම්බාබ්වේ තුන්ඉරියව් ක්‍රීඩක සොලමන් මිරේ ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගන්නා බව ඊයේ නිවේදනය කර ඇති බව වාර්තා වෙනවා. ඔහු තම ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා.29 හැවිරිදි වියේ පසුවන සොලමන් මිරේ 2014 වසරේ ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගත් අතර 2017 වසරේ දී ටෙස්ට් වරම් හිමිකරගත්තා. එමෙන්ම 2018 වසරේ දී විස්සයි විස්ස වරම් හිමි කර ගත් මිරේ සිය සමු ගැනීම නිවේදනය කරන විට ටෙස්ට් තරග දෙකකටත්,එක්දින තරග 47කටත් විස්සයි විස්ස තරග 29කටත් ක්‍රීඩා කර ඇත.
එමෙන්ම මේ වන විට සිම්බාබ්වේ ජාතික කණ්ඩායම සඳහා හිමිව තිබු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය අහෝසි කර ඇති තත්වයකදී මෙවැනි තීරණයක් ගැනීමට සිදු වීම පිළිබඳ තමන් කණගාටු වන බව මිරේ සිය සමුගැනීම නිවේදනය කරමින් වැඩි දුරටත් සදහන් කළා.