දුම්රිය දෙපාර්තමෙන්තුවේ දුම්රිය බල ඇණිය වර්ධනය කරමින් ඉන්දියාවෙන් ගෙන්වූ එස් 13 වර්ගයේ නව බලවේග කට්ටලයක් සහ එම් 11 වර්ගයේ නව එන්ජිමක් එක් කර තිබෙනවා.
ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ඇනවුම් කර ඇති මුළු ද්විත්ව බලවේග කට්ටල සංඛ්‍යාව 6ක් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කළා.
මෙම බලවේග කට්ටලය සමඟ බලවේග කට්ටල 4ක් දැනටමත් මෙරටට ගෙන්වා ඇති අතර තවත් දුම්රිය එන්ජිමක් සහ බලවේග කට්ටලයක් සති තුනක් ඇතුළත ඉන්දියාවේ සිට කොළඹ වරාය වෙත ළඟාවීමට නියමිත බවද අමාත්‍යාංශය සඳහන් කළා.