News Line| Off Air
Generic placeholder image

Jul
23

නීති විරෝධීව මසුන් මැරූ පුද්ගලයින් 22 ක් නාවික හමුදා භාරයට

676 Views


නීති විරෝධීව මසුන් මැරූ පුද්ගලයින් 22 ක් නාවික හමුදා භාරයට

ත්‍රිකුණාමලය – කල්ලඩිචේනේ ප්‍රදේශයේදී නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුරදි තහනම් දැල් ආම්පන්න භාවිත කරමින් මසුන් මරමින් සිටි පුද්ගලයින් 22 කු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් ධීවරයින් අවුරුදු විස්ස සහ 44 අතර වයස්වල පසුවන කින්නියා, ඊච්චලම්පත්තු සහ මුතූර් යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මොවුන් සන්තකයේ තිබී තහනම් දැල් 4 ක්, පිටත දහන යන්ත්‍ර 5 ක් සහ ඔවුන් ගමන් ගත් ඩිංගි යාත්‍රා 5 ක් ද නාවික හමුදා භාරයට ගෙන ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post