News Line| Off Air
Generic placeholder image

Jul
23

ප්‍රාථමික පාසල් දරුවන්ට අද සිට කිරි පැකට්ටුවක්

456 Views


ප්‍රාථමික පාසල් දරුවන්ට අද සිට කිරි පැකට්ටුවක්

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාසල් දරුවන්ට කිරි ආහාර වේලක් ලබාදීමේ ජාතික වැඩසටහන අද (23) රත්නපුර, කලවාන, කජුගස්වත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලයේදී ආරම්භ වනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති උපදේශක නීතිඥ ශිරාල් ලක්තිලක කියා සිටියේ පළමු වැනි අදියරේදී මිලිලීටර් 150ක කිරි පැකට්ටුවක් පළමු වසරේ සිට පස්වන ශ්‍රේණිය අතර තෝරාගත් පාසල් 900ක ලක්ෂ 06ක දරුවන්ට මෙම කිරි ආහාර වේල ලබා දෙන බවයි.

එමෙන්ම මෙම වැඩසටහනට සමගාමීව දේශීය කිරි ගොවියා ශක්තිමත් කරමින් කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ වැඩසටහනක්ද ආරම්භ කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post