විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය අතර හමුවක් සිදුව තිබෙන බව වාර්තා වෙනවා.
අද (23) පෙරවරුවේ විපක්ෂ නායකවරයාගේ විජේරාම නිල නිවසේදී මෙම හමුව පැවැත්වුණු බව විපක්ෂ නායක කාර්යාලය සදහන් කළේ.
මෙම සාකච්ඡාව සඳහා මහින්ද රාජපක්ෂ මහතාට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන්ද සහභාගී වී ඇති අතර අමෙරිකානු තානාපති කාර්යාලයේ ඉල්ලීමක් මත මෙම හමුව සිදුව ඇති අතර රටේ වත්මන් දේශපාලන වාතාවරණය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වූ බව සදහන් වෙනවා.