News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
23

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් බලධාරීන්ගේ විශේෂ සාකච්ඡාවක්

596 Views


ශී‍්‍ර ලංකා කි‍්‍රකට් බලධාරීන්ගේ විශේෂ සාකච්ඡාවක්

බංග්ලාදේශ සංචාරයෙන් පසු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පුහුණු කාර්ය මණ්ඩලය වෙනස් කරන ලෙසට කී‍්‍රඩා අමාත්‍යවරයා කළ නියෝගය පිළිබඳ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් බලධාරීන් විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.

කෙසේවෙතත් අදාළ නියෝගය පිළිබඳ තමන් කිසිවක් නොදන්නා බව ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ කියා සිටියා. ඒ අනුව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ පැවැත්වෙන සාකච්ඡාවේ ප‍්‍රතිඵල මත තමාද තීරණයක් ගැනීමට නියමිත බව ඔහු සදහන් කළා.

“ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නීතිය අනුව ක්‍රීඩා අමාත්‍යතුමාට බලය තියෙනවා අපිට නිර්දේශ දෙන්න. මේක ඉතාම තියුණු ප්‍රශ්නයක්. ඒක නිසා කාගෙවත් හිත් අමනාප කරන්නේ නැතුව තීරණ ගන්න ඕනේ.” යනුවෙන් පවතින තත්ත්වය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා අදහස් පළ කළා.

මේ අතර සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පුහුණු එක්දින තරගය කොළඹ පී. සරා කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙනවා. තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා පිළ පන්දුවාර 30 කදි කඩුළු 5ක් දැවී ලකුණු 132 ක් රැස්කර ගෙන සිටින අතර යළි අවස්ථාව උදාවූ නිරෝෂන් දික්වැල්ල එහිදී ලකුණු නොලබා දැවී ගිය අතර ඕෂද ප‍්‍රනාන්දු ලකුණු 2 ටත් ධනුෂ්ක ගුණතිලක ලකුණු 26 කටත් දැවී ගියා. ෂෙහාන් ජයසූරිය නොදැවී ලකුණු 51 ක් රැස් කරගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post