News Line| Off Air
Generic placeholder image

Jul
23

ශේෂ්ඨාධිකරණයෙන් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝගයක්

479 Views


ශේෂ්ඨාධිකරණයෙන් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝගයක්

වෛද්‍ය වෘත්තියට සුදුසුකම් ලැබීමේ කඩඉම් විභාගයෙන් සමත්වන පිලිගත් විදේශීය විශ්වවිද්‍යාල වලින් වෛද්‍ය උපාධිය ලබාගත් උපාධිධාරීන් ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස ශේෂ්ඨාධිකරණය ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝග කර තිබෙනවා.

නියෝගය ලබාදී ඇත්තේ ප‍්‍රසන්න ජයවර්ධන, එල් .ටී. බී. දෙහිදෙණිය සහ මුර්දු ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල ශේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින්.

පිළිගත් විදේශීය විශ්වවිද්‍යාල වලින් වෛද්‍ය උපාධිය ලබා ගත් සිසු සිසුවියන් 16 දෙනෙකු ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ලබා දෙමින් ශේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත්කර තිබෙනවා.

පෙත්සම්කරුවන් සඳහන් කර තිබුණේ තමන් පිළිගත් විදේශීය විශ්වවිද්‍යාල වලින් වෛද්‍ය උපාධිය ලබාගෙන තිබුනද තමන්ව වෛද්‍ය වෘත්තිය සඳහා ලියාපදිංචි කිරීම ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් ප‍්‍රතික්ෂේප කර ඇති බවයි.

මේ තුලින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන්ව වෛද්‍ය වෘත්තිය සඳහා ලියාපදිංචි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් වෛද්‍ය උපාධිධාරීන් පිරිස විසින් මෙම පෙත්සම ශේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post