News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
23

හේමසිරි-පූජිත්ට ඇප දුන් නියෝගට එරෙහිව ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීම කල් යයි

685 Views


හේමසිරි-පූජිත්ට ඇප දුන් නියෝගට එරෙහිව ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීම කල් යයි

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්යෙන් නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඇප මත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු මස 01 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කර ඇති බව වාර්තා වෙනවා.

පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සහ මිනී මැරුම් ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්යෙන් නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඇප මත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය දූන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබුණු අතර එම පෙත්සම අද(23) කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

ඒ අනුව පෙත්සම පිළිබඳව කරුණු තහවුරු කිරීම අගෝස්තු මස 01 වන දා තෙක් කල් තැබීමටයි මහාධිකරණ විනිසුරුවරයා නියම කළා.


News Articles
Latest Videos
Most Popular Post