එංගලන්තයෙන් ගෙන්වන ලද අපද්‍රව්‍ය කන්ටේනර් තුළ මිනිස් ශරීර කොටස් සහ අවයව ඇත්දැයි සෙවීමට බ්‍රිතාන්‍ය රජය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
එමෙන්ම කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය තුළ ගොඩ ගසා ඇති එම අපද්‍රව්‍ය නිරීක්ෂණය කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අද(24) එහි ගොස් ඇති අතර එංගලන්තයෙන් ගෙන්වන ලද කන්ටේනර් හී මිනිස් ශරීර කොටස් සහ අවයව ඇත්දැයි සෙවීමට බ්‍රිතාන්‍ය රජය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව බ්‍රිතාන්‍ය වෙබ් අඩවියක් වන The Telegraph සඳහන් කරනවා.
ඒ එංගලන්තයෙන් ගෙන්වන ලද රෝහල් අපද්‍රව්‍ය තුළ මිනිස් ශරීර කොටස් සහ අවයව ඇති බවට කළ චෝදනා පදනම් කරගනිමින්. ඒ අනුව බ්‍රිතාන්‍ය පරිසර, ආහාර හා ග්‍රාමීය ආර්ථික කටයුතු දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රියේ මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන බවත් එම වෙබ් අඩවියේ සඳහන්.
නමුත්, එංගලන්තයෙන් ගෙන්වන ලද කන්ටේනර් පිළිබඳ ශ්‍රී ලංකාවේ බලධාරින් තමන් වෙත නිල වශයෙන් මෙතෙක් කිසිඳු දැනුම්දීමක් කර නැතැයි බ්‍රිතාන්‍ය පරිසර, ආහාර හා ග්‍රාමීය ආර්ථික කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ මෙරට බලධාරීන් සම්බන්ධ කර ගනිමින් වැඩිදුර තොරතුරු ලබා ගැනීමට ඔවුන් කටයුතු කර ඇති බවයි.