News Line| Off Air
Generic placeholder image

Jul
24

කාදිනල් හිමියන්ට එරෙහිව සිදුකරන ප්‍රකාශ හෙළා දකින බව පොහොට්ටුව කියයි

479 Views


කාදිනල් හිමියන්ට එරෙහිව සිදුකරන ප්‍රකාශ හෙළා දකින බව පොහොට්ටුව කියයි

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රකාශ ඉලක්ක කරගනිමින් ඊට එරෙහිව වත්මන් රජයේ නායකයින් සිදුකරන ප්‍රකාශයන් තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
එමෙන්ම මේ පිළිබද අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුල කතා කිරීමේ නිදහස සීමාකිරීමට සහ මාධ්‍ය නිදහස සීමා කිරීමට වත්මන් ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙළ තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.
තවදුරටත් 2015 යහපාලන රජය බලයට පත්වන විට මාධ්‍ය නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රමුඛ මාතෘකා බවට පත්වූ අතර අද වන විට රටේ ආගමික නායකයෙකුටවත් නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බවත් අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත්වූයේ කිතුනු ජනතාව බැවින් ඒ පිළිබඳව කතා කිරීමට කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට සම්පූර්ණ අයිතියක් හිමිවෙන බවයි.


News Articles
Latest Videos
Most Popular Post