තමන් අද සිට ජාත්‍යන්තර ක‍්‍රිකට් තරග බිමෙන් සමුගන්නා බව වේග පන්දු යවන ක‍්‍රීඩක නුවන් කුලසේකර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
37 හැවිරිදි නුවන් කුලසේකර ජාතික කණ්ඩායමට පිවිසෙන්නේ ගම්පහ බණ්ඩාරනායක විදුහලේ අධ්‍යාපන ලබා පසුව ක‍්‍රීඩා සමාජවල දැක්වු දක්ෂතා මතයි. 21 වන වියේදී ඔහු ජාත්‍යන්තර එක්දින පිටියේ වරම් දිනාගන්නේ 2003 වසරේ එංගලන්තයට එරෙහිව රංගිරි දඹුලූ ජාත්‍යන්තර ක‍්‍රීඩා පිටියේ පැවති තරගයේදීයි.
මෙරට සියවන ක‍්‍රීඩකයා ලෙස ටෙස්ට් වරම් දිනාගන්නා කුලසේකර ටෙස්ට් තරග 21 කදී බිදහෙලා ඇති මුලූ කඩුලූ ගණන 48 ක්. එක්දින ජාත්‍යන්තර තරග 184 කදී කඩුලූ 199 ක් දවාගත් කුලසේකර අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සලයේ එක්දින පන්දු යවන්නන්ගේ 2009 ශ්‍රේණිගත කිරීම් වල පළමුවන ස්ථානය හිමිකර ගත්තා.
එක්දින පිටියේ ඔහුගේ හොදම පන්දු යැවීම වාර්තා වන්නේ ලකුණු 22 කට කඩුලූ 05 ක් දවා ගැනීමයි. පිතිකරුවකු ලෙස ලකුණු 1327 ක් වාර්තා කළ කුලසේකර අර්ධ ශතක 04 ක්ද එක්දින පිටියේදී වාර්තා කළා.
2003 වසරේ සිට 2017 දක්වා වසර 14 ක් නුවන් කුලසේකර ශ‍්‍රී ලංකා කණ්ඩායමට සිය දායකත්වය ලබා දී තිබෙනවා.