චීනය යනු ලෝකයට සෑමවිටම අලුත් දෑ සොයා ගන්නා රටවල් අතර ඉදිරියෙන් ම සිටින රටකි. ඔවුන් එදිනෙදා බලශක්ති පිරිවැය අවම කිරීම සදහා අලුත් ආකාරයක අත්හදා බැලීමකට යෑමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව වීදි ලාම්පු ආදේශ කිරීම සහ බලශක්ති පිරිවැය අඩු කිරීම සඳහා චීනය පළමු කෘතිම ‘සඳ’ කක්ෂයට ගෙන ඒමට සැලසුම් කරනවා. චීන විද්‍යාඥයින් පවසන්නේ මිනිසා විසින් සාදන ලද චන්ද්‍රයා 2020 වන විට කක්ෂගත වනු ඇති බවයි. එය පෘථිවියේ සඳට වඩා අට ගුණයකින් දීප්තිමත් වන අතර නිරිතදිග සිචුවාන් පළාතේ අගනුවර වන චෙංඩු නගරය මත බබළන බවද පවසනවා.
එය “මුළු රාත්‍රී අහසම ආලෝකවත් කරයි” යැයි නිවැසියන් කරදර නොවිය යුතු බව ටියැන් ෆු නව ප්‍රදේශ විද්‍යා සංගමයේ ප්‍රධානී වු චුන්ෆෙන්ග් චයිනා ඩේලි පුවත්පතට පැවසුවා. “මිනිසුන්ගේ ඇස් හමුවේ එහි අපේක්ෂිත දීප්තිය සාමාන්‍ය වීදි ලාම්පු වලින් පහෙන් එකක් පමණ වේ” යැයි ඔහු පවසා තිබෙන අතර අහස අදුරු වීම් සහ ස්වාභාවික විපත් වලදී හදිසි සේවාවන් සඳහා පවා එයට සහාය විය හැකි බව සදහන්.
‘චන්ද්‍රයා’ ආලෝකමත් කරන්නේ වර්ග කිලෝමීටර 50 ක ප්‍රදේශයක් පමණක් වන අතර එය අපේ සැබෑ සඳට වඩා පෘථිවියට සමීපයි. සඳෙහි කිලෝමීටර් 380,000 (සැතපුම් 236,000) හා සසඳන විට එය කිලෝමීටර් 500 ක් (සැතපුම් 310) දුරින් පිහිටා තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය සාර්ථක බව ඔප්පු වුවහොත්, 2022 වන විට තවත් චන්ද්‍රයන් තිදෙනෙකු රට පුරා දියත් කිරීමට චීනය සැලසුම් කරනවා.
කෙසේ වෙතත්, එය නගරයට කක්ෂ ගත කිරීමට පෙර, මෙම කෘතිම චන්ද්‍රයා ජනාවාස නොවූ කාන්තාරයක පරීක්ෂා කිරීමකට නියමිත අතර එවිට එහි ආලෝක කදම්බ මිනිසුන්ට හෝ පෘථිවිය මත පදනම් වූ අභ්‍යවකාශ නිරීක්ෂණ උපකරණවලට බාධා නොකරන බව සදහන්.
ලෝකය මුහුණ දෙන බලශක්ති අර්බුද වලට අනාගතයේ දී මෙය කදිම පිළිතුරක් වනු ඇත.