News Line| Off Air
Generic placeholder image

Jul
24

ජනපති ට්‍රම්ප් බොරු කියලද?

502 Views


ජනපති ට්‍රම්ප් බොරු කියලද?

ඉන්දු හා පාකිස්ථාන අර්බුදය විසඳීම සඳහා ඉන්දියාව තමන්ගේ සහාය ඉල්ලූ බවට අමෙරිකානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සාවද්‍ය බව ඉන්දීය විදෙස් අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

කාශ්මිර ප්‍රදේශය අරඹයා පාකිස්ථානය හා ඉන්දියාව අතර ගැටුම් පවතින්නේ අද ඊයේ සිට නොවන අතර ස්ථිරසාර සාමයක් උදෙසා දෙපිරිස අතර වසර ගණනාවක් තිස්සේ අවස්ථා රැසකදී විවිධ උත්සාහයන් ගැණුනත් ඒවා සාර්ථක වී වුයේ නැත. ඒ අනුව දෙරට අතර පවතින මතභේද සමනය කිරීම සදහා තමන් නුදුරේදීම මැදිහත් වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කර තිබුනු අතර කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් සෘජු ප්‍රකාශයක් නිකුත් කළ ඉන්දියාව සඳහන් කර ඇත්තේ තමන් කිසිදු අවස්ථාවක අමෙරිකාවේ සහය ඉල්ලා නොමැති බවයි.

පසුගියදා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් අතර හමුවක් සිදු වූ අතර එහිදී ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ ඉන්දු පාකිස්තාන දේශ සීමා අර්බුදය විසඳාගැනීම සඳහා මැදිහත්කරුවෙකු වීමට තමන් කැමැත්ත පළකරන බවත් ඒ සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තමන්ගෙන් ඉල්ලීමක්ද කර ඇති බවයි.මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්දීය විශේෂ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශන්කර් පැවසුවේ කිසිදිනෙක අගමැති මෝදි, ජනාධිපති ට්‍රම්ප්ගෙන් මෙවන් ඉල්ලීමක් කර නොමැති බවට තහවුරු කළා.

කෙසේ නමුත් ඉන්දියාව සිදු කට ඇති මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් තවමත් අමෙරිකාව මෙතෙක් ප්‍රතිචාර දක්වා මැති බව වාර්තා වෙනවා


News Articles
Latest Videos
Most Popular Post