News Line| Off Air
Generic placeholder image

Jul
24

දෙවියන් නිසා අවුරුදු 40 ක් නාපු නැති ඉන්දුයානු වෙදෙක්

774 Views


දෙවියන් නිසා අවුරුදු 40 ක් නාපු නැති ඉන්දුයානු වෙදෙක්

තමාට දෙවියන් විසින් දන්වා සිටි නිසා වසර 40 කින් ස්නානය නොකළ බව කියන ඉන්දියානු ජාතික වෙද මහතෙකු ගැන ඉන්දියාවේ බිහාර්හි මුන්ගර් ප්‍රදේශයෙන් වාර්තා වෙයි. ඔහුගේ නම සකාල් දේව් ටුඩු නමැති 63 හැවිරිදි පුද්ගලයෙක් වන අතර වයස 23න් පසු ඔහු මේ දක්වා හිස සෝදා නැතැයි පැවසෙනවා.

ඔහු පවසන්නේ තමන්ට විශේෂ දේව වරමක් ඇති බවත් එය පවත්වා යාමට සුරා පානයෙන් තොරවීම, දුම් නොබීම මෙන්ම හිසකෙසේ කැපීම හෝ හිසකෙස් නැහැවීම නොකළයුතු බවට දන්වා ඇති බවයි. හිසකෙස් නිරායාසයෙන් වැඩෙන්නට ඉඩසලසා ඇති ඔහු සිටගෙන සිටින විට ඒවා තට්ටු වශයෙන් නමා සිටීමට පුරුදු වී සිටිනවා.

ඔහු තරුණ කාලයේ ඉන්දියාවේ වනජීවී දෙපාර්තමේන්තුවේ සේවය කළ බව කියන ඔහුට මෙලෙස කොණ්ඩය වැවිමේ පුරුද්ද ආවේ කොණ්ඩය නොකපා දිගු කල් වනාන්තරවල කාලය ගතකිරීම නිසා බවද පවසා ඇති අතර සය දරු පියෙකුද වන සකාල් දේව් ගෙන් මාධ්‍ය කළ විමසීමේදී බිරිය හෝ දරුවන් මෙම කොණ්ඩය ප්‍රශ්නයක් කරගෙන නැති බවද වැඩි දුරටත් දන්වා ඇති බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post