බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේ ශ‍්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
ක‍්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතයේ නායකත්වට නම් කර ඇත් තේ දිමුත් කරුණාරත්නයි.
පිතිකරුවන් ලෙස කණ්ඩායමට කැදවා ඇත්තේ කුසල් ජනිත් පෙරේරා / අවිශ්ක ප‍්‍රනාන්දු / කුසල් මෙන්ඩිස් හා ලහිරු තිරිමාන්නයි.
ඇන්ජලෝ මැතිවුස් / ෂෙහාන් ජයසූරිය / ධනංජය ද සිල්වා / තිසර පෙරේරා සහ ඉසුරු උදාන කණ්ඩායමේ තුන් ඉදිරියව් ක‍්‍රීඩනයින් ලෙස කැදවා තිබෙනවා.
දග පන්දු යවන්නන් ලෙස කැදවා ඇත්තේ වනිදු හසරංග සහ අකිල ධනංජයයි.
ලසිත් මාලිංග /නුවන් ප‍්‍රදීප් / ලහිරු කුමාර / කසුන් රාජිත වේග පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට කැදවා තිබෙනවා.
දෙවන සහ තුන්වන එක්දින තරග සදහා තුන් ඉරියව් ක‍්‍රීඩකයකු ලෙස දසුන් ශානක කණ්ඩායමට කැදවා තිබෙනවා.
සුුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලංගගේ අවසන් ජාත්‍යන්තර එක්දින තරගය ද මෙයයි.
35 හැවිරිදි ලසිත් මාලිංග එක්දින ජාත්‍යන්තර තරග 225 කදී බිද හෙළා ඇති මුලූ කඩුලූ සංඛ්‍යාව 335 ක්.
මෙරට එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලූ සංඛ්‍යාවක් දවා ගත් තුන්වන පන්දු යවන්නා වන්නේද ලසිත් මාලිංගයි.