බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස එරට හිටපු විදේශ අමාත්‍ය බොරිස් ජොන්සන් අද (24) දිවුරුම්දීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව නායකත්වය සම්බන්ධයෙන් වන නිවේදනය පක්ෂ සාමාජිකයන් රැසකගේ සහභාගිත්වයෙන් වෙස්මිනිස්ටර් හි ක්වීන් එලිසබත් ටූ ශාලාවේදී පැවැත්වුණු අතර
නව නායකයා තෝරාපත්කරගැනීමට පැවැති ඡන්ද විමසීමේදී ඡන්ද 92153ක් දිනාගත් ජොන්සන් ඉතාමත් පහසුවෙන් සිය ජය තහවුරු කරගැනීමට සමත් වුණා. එහිදී ඔහුගේ ප්‍රතිවාදියා වූ වත්මන් රජයේ විදෙස් කටයුතු ඇමති ජෙරමි හන්ට් ට දිනාගැනීමට හැකිවුණේ ඡන්ද 46656ක් පමණයි.
ජයග්‍රහනයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජොන්සන් වැඩිදුරටත් පැවසුවේ විපක්ෂයේද සහාය ලබමින් බ්‍රෙක්සිට් වැඩපිළිවෙල සාර්ථක කරගැනීම සිය ස්ථීර අපේක්ෂාව බවයි.බොරිස් ජොන්සන් ලන්ඩනයේ හිටපු නගරාධිපතිවරයා මෙන්ම තෙරේසා මේ ගේ රජයේ පළමුවැනි විදෙස් අමාත්‍යවරයාද වේ.මේ අතර අගමැතිනී තෙරේසා මේ අවසන් වරට එංගලන්තයේ බකිංහැම් මාළිගයේදී දෙවැනි එලිසබෙත් රැජිණ හමුවීමට නියමිත අතර එහිදී ඇය සිය ඉල්ලා අස්වීම රැජිණ වෙත භාරදෙනු ඇති අතර ඉන් අනතුරුව බ්‍රිතාන්‍යෙය් මීළඟ අගමැතිවරයා ලෙසින් බොරිස් ජොන්සන් සිය ධුරයේ දිවුරුම් දෙනු ඇති.