News Line| Off Air
Generic placeholder image

Jul
24

“මහවැලිය – සංහිඳියාවේ ගංගාව” සහ “95න් පසු මහවැලි” ග්‍රන්ථ ද්විත්වය ජනගත කරයි

740 Views


“මහවැලිය – සංහිඳියාවේ ගංගාව” සහ “95න් පසු මහවැලි” ග්‍රන්ථ ද්විත්වය ජනගත කරයි

“මහවැලිය – සංහිඳියාවේ ගංගාව” සහ “95න් පසු මහවැලි” ග්‍රන්ථ ද්විත්වය ජනගත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (24) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණා.

කඳුරට, රජරට, උතුරු නැගෙනහිර මතු නොව අද වයඹත් සිය දියවරින් එක සේ තෙමාලමින් සුවහසක් සිංහල දෙමළ මුස්ලිම් ජනතාවගේ සා පවස නිවාලන මහා ගංගාවේ ගමන “මහවැලිය – සංහිඳියාවේ ගංගාව” ග්‍රන්ථය තුළ අන්තර්ගත අතර, සිහිනයක් ව පමණක් පැවති මහවැලියේ දුෂ්කර මහා උත්තම පරිච්ඡේදය මොරගහකන්ද කළුගඟ මහා ජලාශය ඇතුළු වියළි කලාපීය ජන ජීවිතයේ කදුළු පිස හළ මහා වාරි විස්මිතයේ කතාව “95න් පසු මහවැලි” ග්‍රන්ථයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ග්‍රන්ථ සම්පාදක මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති, ජනාධිපති නීතිඥ සරත් කෝංගහගේ සහ ග්‍රන්ථ ද්විත්වයේ ප්‍රධාන සංස්කාරක කේ. ආරියතුංග යන මහත්වරුන් ඇතුළු සම්පාදක මණ්ඩලය විසින් මෙහිදී ග්‍රන්ථ ද්විත්වය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූවා.


News Articles
Latest Videos
Most Popular Post