News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
24

මාලිංගගේ අවසන් තරගය නැරඹීමට එන කී‍්‍රඩා ලෝලීන්ට කි‍්‍රකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක්

3611 Views


මාලිංගගේ අවසන් තරගය නැරඹීමට එන කී‍්‍රඩා ලෝලීන්ට කි‍්‍රකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක්

බංග්ලාදේශය හා ශී‍්‍ර ලංකාව අතර එක්දින කි‍්‍රකට් තරගාවලිය එළඹෙන ජූලි මස 26 දින පැවැත්වෙනවා. තරගය නරඹන්නන් සදහා පිලිපැදිය යුතු නීති මාලාවක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 26 දින තරගය නරඹන්නන් හට දහවල් 12. 30 සිට ආර්. පේ‍්‍රමදාස පිටියට ඇතුලත් වීමට අවස්ථාව හිමි වනවා.
එහිදී ඔවුන් විශේෂ පරීක්ෂාවකටද ලක් කරන බව සදහන්.

එමෙන්ම කී‍්‍රඩා ලෝලීන්ට කී‍්‍රඩා පිටිය තුළට වීදුරු බෝතල්, පිටේ එල්ලා යන බෑග්, (Back Pack)  අධික ශබ්දය සහිත නළා රැගෙන යාම කි‍්‍රකට් ආයතනය විසින් තහනම් කර තිබෙනවා.

තවද කී‍්‍රඩා ලෝලීන් පැමිණෙන වාහන ගාල් කිරීමට මාලිගාවත්ත – සතොස පරිශ‍්‍රයේ හැකියාව ඇති බව සදහන්.

රටේ පවතින තත්ත්වය සමග මෙම තීරණ ගත් බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසනවා.

සුපිරි වේග පන්දු යවන කී‍්‍රඩක ලසිත් මාලිංග ඉදිරිපත් වන අවසාන එක්දින කි‍්‍රකට් තරගය මෙය වන අතර තරගය සදහා නිකුත් කළ ටිකට් පත් සියල්ල මේ වන විට විකිණී අවසන් බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post