News Line| Off Air
Generic placeholder image

Jul
24

මුස්ලිම් ජනතාවට සැලකුවේ අපේ රජයෙන් විතරයි – මහින්ද කියයි

833 Views


මුස්ලිම් ජනතාවට සැලකුවේ අපේ රජයෙන් විතරයි – මහින්ද කියයි

ඊයේ (23) පස්වරුවේ විපක්‍ෂ නායක කාර්යාලයේදී විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා සහ මූතූර් ප්‍රදේශයේ ජීවත්වන මුස්ලිම් ජනතාව තම ප්‍රදේශවල පවතින ගැටළු සම්බන්ධව දැනුවත් කිරීම සඳහා හමුවී තිබෙන බව වාර්තා වෙනවා.

මෙහිදී අදහස් පලකළ එම ජනතාව නැගෙනහිර පළාත ත්‍රස්තවාදයෙන් මුදවාගෙන නිදහසේ ජීවත්වීමේ අයිතිය ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ මහතා බවද පවසා තිබෙන අතර එම ප්‍රදේශවල ජනතාවට ත්‍රස්තවාදී කටයුතු නිසා හානියට පත්ව තිබූ පාසල්, රෝහල්, මාර්ග පද්ධතිය සාදා දී සාමාන්‍ය ජීවිතයට අවශ්‍ය පහසුකම් සලසාදීමට එවකට පැවති රජය කටයුතු කළ බවද වැඩි දුරටත් සදහන් කල අතර නමුත් මෙම රජය පත්වීමත් සමඟ එම ප්‍රදේශවල ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතීන්ද නැවතී ඇති බවද ඔවුන් සදහන් කළා.

තවදුරටත් මෙහිදී අදහස් දැක්වූ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පැවසුවේ , මුස්ලිම් ප්‍රජාවට සෑමවිටම සැලකුවේ තම රජයක් යටතේ බවත් එම ප්‍රදේශවල ජනතාවට සේවය කිරීම සඳහා එම ප්‍රදේශවලින් පත්වූ මහජන නියෝජිතයින්ට අවශ්‍ය සියලුම පහසුකම් සැපයූවේද තම රජය යටතේ බවයි.


News Articles
Latest Videos
Most Popular Post