News Line| Off Air
Generic placeholder image

Jul
25

අද ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

470 Views


අද ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

අද (25) බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.ඒ අනුව දිවයිනේ ඇතැම් ස්ථාන වලට මි.මී. 50ක පමණ තරමක් තද වර්ෂාපතනයන්ද බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කළා.

යාපනය සහ මන්නාරම යන දිස්ත්‍රික්ක වල උදැසන කාලයේදීද වැසි ඇති විය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය. එමෙන්ම අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post