News Line| Off Air
Generic placeholder image

Jul
25

ඉන්දීය ක්‍රිකට් පිලේ හිටපු නායක දෝනි කාශ්මීරයේ යුධ සේවයට

777 Views


ඉන්දීය ක්‍රිකට් පිලේ හිටපු නායක දෝනි කාශ්මීරයේ යුධ සේවයට

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි මාස දෙකක කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්වී යුධ හමුදා සේවයට එක්වී තිබෙනවා. ඒ සඳහා ඔහු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් අවසර ඉල්ලා සිට ඇති අතර එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය දෝනිට අහිමි වනවා. ඊට අමතරව දෝනි විසින් තමන්ට සක්‍රිය යුධ හමුදා සේවයට එක්වීමට අවසර ඉල්ලා ඉන්දීය යුධ හමුදාවෙන් ඉල්ලීමක්ද සිදුකර ඇති බව සදහන්.

ඒ අනුව එළඹෙන ජුලි මස 31 වෙනිදා සිට අගෝස්තු මස 15 වෙනිදා දක්වා කාල සීමාව තුල කාශ්මීර නිම්නයේ ස්ථානගත කර තිබෙන වික්ටර් රෙජිමේන්තුව යටතේ පිහිටි පැරෂුට් බලගණයට අනියුක්තව සක්‍රිය යුධ හමුදා ක්‍රියාකාරකම් සඳහා මහේන්ද්‍ර සිං දෝනි එක්වීමට නියමිත බව ඉන්දීය යුධ හමුදාව නිවේදනය කළා.

2011 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් අනතුරුව ඉන්දීය යුධ හමුදාව විසින් මහේන්ද්‍ර සිං දෝනිට ගෞරවයක් ලෙස ලුතිනන් කර්නල් තනතුරක් ප්‍රදානය කරනු ලැබු අතර අග්‍රා හි පිහිටි පැරෂුට් පුහුණු කඳවුරේ දී පුහුණුව ලබා ඉන් සමත්වූ ලුතිනන් කර්නල් මහේන්ද්‍ර සිං දෝනි ඉන්දිය යුධ හමුදාවේ 106 වන පැරෂුට් බලගණයට අනියුක්තව කාශ්මීර් නිම්නයේ යුධ සේවයට අනියුක්ත කර තිබෙනවා.

ලුතිනන් කර්නල් මහේන්ද්‍ර සිං දෝනි සිය හමුදා රාජකාරි කාල සීමාවේදී දේශ සිමාවේ පාමුර සංචාරයන්, ආරක්ෂක කටයුතු වල යෙදෙනු ඇති බවට ඉන්දීය යුධ හමුදාව විසින් නිවේදනය කර ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post