ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පැමිණෙන පිරිස සඳහා ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයේ දොරටු විවෘත කරන බව අනුරාධපුරයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් සදහන් කළා.
එහිදී එක්සත් ජාතික පක්ෂය විවෘත පක්ෂයක් බවත් පවුල් සංස්ථා පක්ෂ නොවන බවත් හැකියාව තියෙන දක්ෂතා තියෙන ඕනෑම කෙනෙකුට එ.ජා.ප. යේ ඉහළටම යන්න පුළුවන් බවත් ඔහු පැවසුවා.
පොදුජන පෙරමුණෙන් පස්දෙනෙකුට වඩා වැඩි පිරිසක් එන්න ඉන්න බවද ඒ සදහා එ.ජා.ප. යේ දොරවල් විවෘත කරන බවද අමාත්‍ය කබීර් හෂීම් වැඩිදුරටත් කියා සිටියා.