News Line| Off Air
Generic placeholder image

Jul
25

නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් අද විශේෂ කාරක සභාව හමුවට

543 Views


නියෝජ්‍ය පොලිස්පති ලතීෆ්  අද විශේෂ කාරක සභාව හමුවට

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (25) දිනයේ යලි රැස්විමට නියමිත බව පැවසෙනවා. ඒ අනුව අද දිනයේ පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිත බව වාර්තා වෙනවා.

මීට අමතරව හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා සහ හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා ද අද දිනයේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටිමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post